in Sunil Edirisinghe, Uncategorized

Thiraya Arenawa / තිරය ඇරෙනවා – Sunil Edirisinghe

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනැහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙලවත්
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ලමයි…
හේනට කුඹුරට ගතසව් දියකර
කරලිය අබියස බලා හිදියි…

තිරය ඇරෙනවා
තිරය වැහෙනවා…
ඔල්වරසන් හඩ පැතිරෙන්වා…
සදළු තලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා…

banner

Leave a Reply