වෙලාව
9 40යි. කියන්න ගොඩක් දේවල් තියෙනවා
එක එක කියන්නම්
උපාලිගේ පොඩි එකා
වෙනස් ඌ වල් සතා
අයියගේ ගේ රස්නෙන් බත් වුනා මල්ලි හාල
උබලාගේ සතෙන් ගත්තේ මං මත් වුණ කාල
මගේ කතාව වෙනස් දෛවය ඉඹුලාන
බිංදු ගාන වැඩි වෙද්දි අඩු වුනා සින්දු ගාන
මයික් එකට වඩා ලං වෙන්න ගත්තා හිරාන හිගුරාන
එදයින් පස්සෙ ඉස්සුවේ වීදුරු *ක් සම්මාන
තොල් පෙතියි මත් පෙතියි එකට පටලං
උබ යන්නේ චිතකෙට ලග උන්වත් අඩවන්
නහයෙන් ඇද්දා ඇති කුඩු වෙන්න සදු පතුරන්
ඊයේ බැන්නා සොරි අම්මේ පොඩ්ඩක් උනා කවලම්
කේසර අහපං උබේ ෆෑන්ස්ලා බොට ආදරෙයි
ඔහොම බොන්න ගත්තොත් ඉතින් උබ කශනිකෙන් මැරෙයි
දින්නා එදා කිව්වේ අහක බලං කැ* තරහෙන්
සොරි සර් උඹේ නමත් කෑවා මන් වෙරිමතින්
ගනන් වොඩ්කා ගෙන්න ගත්තේ මං රුසියාවෙන්
මැගී කාලා ගෙන්නුවා රාමෙන් කොරියාවෙන්
රටවල් ගොඩකට ගියත් මට නම් සිහිය නෑ
දවල් දැක්කා අඩුයි ගොඩක් දවස් දැක්කේ මං රෑ
ටිකට් ගන්නෙත් නැතුව ගොඩක් උන් ඉන්නෙ ඇදෙනකන්
ගොඩක් රිලව් බලන් ඉන්නෙ අපේ ගෙඩි පැහෙනකන්
මට ඕනේ ආදරේ කරන්න කෙල්ලෙක් මැරෙනකන්
ආසයි හිනා වෙලා ඉන්න මේ හද ගැහෙනකන්
වලිග පාගන් වලි දාන මං නිකරුනේ
ගොඩක් දවසට තුවාල එක්කයි ඇහැරුනේ
ශොට් එක සැර වැඩී ඒකයි හිත පෑරුනේ
මේ කාලකන්නි යාලුවට සමාවෙන්න යාලුවේ
අම්මේ ඔයා මං ගැන ආඩම්බරයි නේද
පොඩි පුතා දැන් ලෙසටම ගහනවා ගේම
කළු වළාකුලේ තියෙන රිදී ඉරක් සේම
ඔයයි තාත්තයි හිටියා මට දීලා හැමදේම
මගේ අයියේ මාව ගෙදරින් එලවපන්
මම තනියෙන් බොද්දී උඹත් බිව්වා වැටෙනකන්
මාව බදන් හිටියා අකුණු නවතිනකන්
තාමත් බයයි අකුණට ඒකයි යන්නේ නැත්තේ මං
මට ගහලා මදි කෝටි පාරක් කස
මම දුන්නා මේ ශරීරෙට දහස් ගණන් වද
දෙයියෝ මාව බේරුවා බිව්වම වස
පණ යද්දී තේරුනා ජීවිතේ රස
I’M SORRY
written by Kaizer Kaiz