හීන පෙරට | Heena Perata by Momo The Rapper ft. Ravi Royster [2022]

Sinhala song lyrics with music notes illustration

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා

හීන පෙරට ගත්ත කුමට සිතක මහිම
කල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙන
වරක දුකම සනස සතුට දෝරෙ ගලන
අපිට අපිම උන්නු කාලය හරි මිහිරි සබද
ගජෙ ගහන උබට මගෙ බඩගිනි දැනෙන කලට
ලෙඩ දුකට පිහිට උනාද හැමදාම ලගම
කාසි මොටද එකල අපි අපි ගැන බලාගත්ත
වාසි මොටද සබද කාසි නැතිව ලගම රැදෙන
මතකෙට එන හතරක කොහු නැති වලකම පෑහෙන
මතෙකට තුන් අවුරුද්දෙන්උබලා ඈත් කෙරුන
වාසි ඇතිද නැතිද තනි ගමනක මන්ද ඇදෙන
අමතක හීන කවුද හොරට අරන් අපෙන් ඇදුන

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

අපි නොදැන ගෙවුනු කාලය
උස තට්ටු ඇතුලෙ හීන
උන් අගුලු දාන හැම හිතකම
මගෙ හිතෙ කෙටු නම් රනින්ම
මුව අග මද සිනහව
ගෙත්තම් කල හීන සලුව
පලදින්නට කාල ඒවි
කාලය වස්සනම වේවි
තනි තනි ලෝක වලම ගුලි ගැහි උබ හීන හදන
කිමද මුල අමතක මැව් හීනය බොදම කරන
උබට යන්න හදන පාර මොටද මං වසාන
සතුටට කාරනාව උබෙ ගමනට සුභ පතාන
බොරු ලෝක මවපු සමහරු කෙල උනාම ලග නෑ
දුක දරාන මව් අඩාන කිව් කතාව දැන් නෑ
අපි තනි උනාම ලග රැදුන්ව්ට ආචාරය ඈ
වාසි කවුද මොත්ත කවුද හොදට මම අදුරන් ඈ

හීන වලට තවම කාල නෑ කියා
වාරු නොමැති යාලු හැරදමා ගියා
අපිට අපිම උන්නු කාල සොයමි මා
අපිට අපිම උන්නු කාල සොයමි මා

https://youtu.be/Ty9KCuCeQeY

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “හීන පෙරට | Heena Perata by Momo The Rapper ft. Ravi Royster [2022]”

Leave a Reply