නිවිහැනහිල්ලේ | Nivihanahille by DopeSkain ft. Naigel Forrel [2022]

Sinhala song lyrics with music notes illustration

මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි

කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
දැක්ක හීන පස්සෙ යන්නෙ
ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ

දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ

හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්

මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු

පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්

හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply