මතකයි අම්මේ | Mathakai Amme by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරැවා එය රස කර බිව්වා
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

තුරුලු කරන් මා සැනසුම සෙව්වේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ
දොයිය බබෝ දාෙයි කියමින් මාව නැලෙව්වේ

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

පුතේ නුඹේ අම්මා කිරට ගියාලු
කිරි මුට්ටිය අැගේ ගඟේ ගියාලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාලු
කට දෙපැතින් කිරි ගලා ගියාලු

මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply