ලංකා කොල්ලෝ | Lanka Kollo by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේ
සෙල්ලම් දෙස බලා ඉන්නවා
කප් එක ගන්නේ කව්ද කියා
තව සමහරු ඔට්ටු තියනවා
Bat එක අතට අරන් දෙන්න බැටේ
අපේ කොල්ලෝ පිටියට යනවා
කමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතන
කොතැන ගියත් චියර් කරනවා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

අර්ජුන සනත් මහනාම හලෝ
පිට්ටනියේ රජ වැඩ දෙන්නේ
අපේ අරවින්ද සමග මාලන් සහ
මුරලිදරන් දිනුම ගෙනෙන්නේ
පිටරට සුදු කෙල්ලන් can you play cricket?
කියලා අපෙන් අහන්නේ
බොරුවට yes කියපු ගමන් කරේ
නැගලා කිස් එක දෙන්නේ…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

කලුවගේ හයේ පාර දැකපු ගමන්
ගෑනු ළමයි චියර් කරනවා
පිටරට ක්‍රිකටර්ස්ලත් සැලුට් දමලා
අපේ අයට දැන් සලකනවා
මේ රජ කොල්ලෝ අපේ ලංකාවට
ලෝකෙම කුසලාන ගේනවා
සෙල්ලම් පිටියේ අපිව රජවෙනකොට
ලංකා මෑණිය හිනැහෙනවා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

oh our cricket team මෙන් පිටරට
Is the real pride of lanka
දාලා බයිලා singing and cheering
support කරමු අපේ කොල්ලන්ටා
ජය පැරදුමක් නැතත් එකමුතුකම
තමයි අපේ අරමුණ ලංකා
මේ ගැන සිතන අපට කවදත්
ජය ජයම තමයි මගේ ශ්‍රී ලංකා…

ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply