පොඩ්ඩා | Podda by DJ JNK x Moniyo x Roy [2022]

Sinhala song lyrics with music notes illustration

සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං

කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං

මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග

ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග

හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න

ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න

කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්

තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්

බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං

මං දන්නෑ උස, මිටි, දුප්පත්, පෝසත් බේද නෑ බං
උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං

හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං

නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං

යේකනම් පිශ්ශු තමා…. ( පිශ්ශු තමා )
Oh… Oh.. Oh.. Oo…….

සෙල්ලම් රශ්නේ තමා…. ( රශ්නේ තමා )
Oh… Oh.. Oh.. Oo…….

ශල්ලිනම් ඉල්ලේ තමා…. ( ඉල්ලේ තමා )
Oh… Oh.. Oh.. Oo…….

සන්තෝශෙන් ඉන්න බොශා…. ( ඉන්න බොශා )
Oh… Oh.. Oh.. Oo…….

ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව

විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම
තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ

දුක මට පදන්, දෙන්නෙ සැප වදන්
එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්

ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්

මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි

පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
වැඩ බ්‍රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්

කැරකෙන්න….
රැප දුන්නේ මම නැටවෙන්න…
දෙන සද්දෙට නැලවෙන්න…
මොන ප්‍රශ්නද හිනා වෙන්න…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply