නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපේ හිතේ
දකිනා වාරයක පවා මගේ මුළු හිත ගිනි ගනී
මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා