මහලු මඩමට | Mahalu Madamata by Samith Gomes [2022]

Sinhala song lyrics with music notes illustration

කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලා
ඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලා
බොන වතුරත් බොරයි පල් වෙලා

හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලා
දල්වපං පහන් ශෝකෙන්
ලොකු හඬක් අරන් නයෙක් වඩියි හෙට නාග ලෝකෙන්
වැද්දන් හිටින් ඇයි මේ කෝපෙන්

රැවටීම සාමාන්‍යයෙන් පෙළෙන්නන් මානසික් වහල් රෝගෙන්
දිව විකන් කට කැඩෙනකං
කිව්වත් පිළිගන්නෑ ඉන්න බිමටම වැටෙනකං
බීපාං පෙරපුවා ඇදවෙන්න වැදෙනකං
හිස ගිනි තියගනින් ඉහමොල ගැටෙනකං

බොරු මවා ගැලපූ
බාරදුනා රට ආයෙත් උන්ට හැට පැනපු
තණකොළම කවන්නේ ගොනාට ම ඇනපු
මහලු මඩම උඩ තියන් අපි යක්කු තනි ඇහැට අඬපු

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්…///

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ…///

ගිනි තිබ්බා තනි යායට
ඇඳන් ඉදන් ලඟ නෑයට
කන්න දීලා උඹලට මෑ ඇට
ඌ වඳිනවා ඌ හැදූ සෑයට

චිත්‍ර ඇන්ඳ උන් හොයනවා යන්න රටක් වෙන
එළියට පේනවා තිබ්බ හිස් ඔළුවල බෙන
ඉතුරු වන උන් ඉල්ලන්නෙම හෙන

සිංහයෝ හැංඟිලා ඇතුලෙම කෝ කොහෙද ගල් ලෙන
තාලෙට ගැහුවා එකෙක් බටනලා
ගහපු එකාටත් දුන්නා අන්තිමේදී කන හරහා
ඌ නං නොදකිං, ඒ වුණත් තොපි උඩ බලා

ඉද්දි නාකි එකතුවෙලා ගත්තා පැණි සියල්ල මල තලා
හැට නවයෙන් රට ලියලම
දීලාත් දැන් ඇස් දෙකත් රතු වෙලා කඳුලු පිහලම
කනකරත් සින්න වෙලා බැංකුවේ තියලම
ඔබලත් තේරුන්නෑ දැන් බලනවා මල්ල ලිහායලම
උන් එක අත්තේ

වහල ඉන්න කුරුල්ලෝ ඉත්තෑවෝ තොපේ ගැට්ටේ
දුවනවා තාමත් පේනවා මැරෙනා උන් මත්තේ
ඇෆ්ගනිස්ථානුවන් වගේ යන්න වරෙන් ගුවන් යානා තට්ටේ

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්…///

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ…///

written by Samith Gomez

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply