හන්තානේ තරුවක් | Hanthane Tharuwak by Malindu Chathuranga ft. Rizi

Sinhala song lyrics with music notes illustration

වින්දේ නින්දේ ඈ නැති පාලුව රෑ
මන්දාරම් සිහිනේ අද සතුටක් නෑ
හන්තානේ තරුවක් නුබ අහසේ පෑ
මන් විතරයි හෙවනැල්ලත් තනියට නෑ

මතකයි මට තවත් එක් දිනක්
ඔයා එක්කම තනි උන සුංදර ලොවක්
පවසයි හද නින්දෙම පැයක්
ගෙවෙනවා අද තනියෙම නිදි නැති රැයක්

විකාරයි මගේ මනසම
හිත හිත ඉන්න බෑ මට දවසෙම
නුබ මතක් වෙනවා හැම හවසට
යන්න ආසයි අතීතෙන් මතකෙට

තිබුනත් අඩු පාඩුකම් මගේ
කරුමය ධෛවයෙ ලියවිල්ලක් වගේ
හිත තාමත් කාමුකයි ඔබේ
ඒකයි වැඩි ඉල්ලුමක් ආදරේ නුබේ

රෝස පාට තොල් පෙති මම වින්දා
යද්දි ඒවාගෙන් ඔයා මට කලා නින්දා
වින්දේ මන් හැමදේම දුන් හින්දා
පිටපතේ චරිතේ මං ගොනාට ඇන්දා

කටුකයි සිතුවිලි හිත කීරිගැහෙයි
විදවයි එකතැන මම තාම දැවෙයි
කොහොමත් නුබ ගැන මම තාම හිතයි
අමතක නෑ උබෙ හඩ තාම ඇහෙයි

වින්දේ නින්දේ ඈ නැති පාලුව රෑ
මන්දාරම් සිහිනේ අද සතුටක් නෑ
හන්තානේ තරුවක් නුබ අහසේ පෑ
මන් විතරයි හෙවනැල්ලත් තනියට නෑ

ලියන්නම් පෑනෙන් උබ ගැනම කවක්
රලු සාගරේ රුවලක් නැති මම නැවක්
පන වගේම දුන්නා ආදරේ එදත්
මගේ ආදරේ සෙල්ලමක් උන එක පවක්

හිත යට දුක වැලපුනා
මම තනියෙම උබ ගැන සිහි කරා
මතකය මට හිනැහුනා
උබ ගැන තිබු මතකය අලු කරා

විදවමි විදවන්නෙමි මම
වැටි වැටි දෙපයින් නැගිටින්නෙමි මම
කදුලෙන් ඉපදෙන්නෙමි මම
බොරු ආදරේ දුක වින්දෙමි මම

ඉංග්‍රීසි හෝඩියේ නෑ නේද පිල්ලම්
උබ ජීවිතෙත් එක්ක කලේ අද සෙල්ලම්
ගිය පාර ආයේනම් එන්න එපා ඉල්ලන්
මැරුවා ආදරේ මන් ඕනි නෑ කෙල්ලන්

රෝස මලේ බං නටුවේ කටු
උබ ගියාට ඇඩුවේ නෑ පෙරන් හොටු
දුර බැලුවනම් කන්නෑ මෙහෙම නඩු
මගේ ආදරේ මොනාද කලේ අඩූ

උබ ලග නැති පාලුව දුකක් කියා
දැනුනෙම නෑ මට මං දුරක් ගියා
පටුනෙම මුල ඡේදෙට තිතක් තියා
අපේ කතාව නිමි මේ මමත් ගියා

සංතාපේ දුක් කදුලෙන් ඈ නැහැවූ
විශ්වාසේ මල් බදුනක් ඉරි තැලුනු
සංසාරේ සිහිනි සායම් බොදවූ
වස්සානේ සල් කුමරිය හද රිදවූ

සගවන්න දුක් ගිනි
මතකයේ හැසරැලි
ඔබ ගියත් දුක් දිදී
විදවමි මග රැදී
සෑමදා මං පෙම් බැදී
කුමරිය යයි ඇදී
සෝ සුසුමක් වී දුක් ගිනි
නිහඩ උනා මගේ සිතුවිලී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply