පොඩ්ඩ පොඩ්ඩ | Podda Podda by G TV [2022]

Sinhala song lyrics with music notes illustration

අපේ හාමුදුරුවනේ

තෙල් නැතිව නැවතිලා
මං ගෙන්නපු මිග් යානත්
සිල්වා රාමා ජෝති එක්ක
පාරට බැහැලා නානත්
හැංගිලාද කොහෙද අපේ සාදු
නාන සාරත්
ඒ මේ අස්සේ පිස්සු කෙලිනවා
නානත්

තොත්ත බබක් හට දෙන්න
පෙට්ටගමේ තිබ්බ තුට්ටු දෙක නෑ
කපුටාස් හිට් ද ප්ලේන් අනේ
තුට්ටු දෙක තිබ්බ පෙට්ටගමත් අද නෑ
ඩොලර් නැවක් ගැන කිව්වම
අපි නම් ශුවර් කෙරුවෙම නෑ
මුන් ටික පරණ බඩු ගන්න ලොරියට දීලා
බේසං ගන්නත් බෑ

මගේ එක පහල වැඩී වගේ නේද
තව ටිකක් ක්ලෝස් කරන්න
මේකෙ ක්ලියර් මදි
ක්ලෝසප් කරන්න තව
හරි නෑ නේද

ඔය පොඩ්ඩ පොඩ්ඩ
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා

රබන් හඩට බඹරු නටන
ලස්සන ගම්මැද්දේ
කපුටු කාක් කාක් කියලා
ඇහෙනවා මට සද්දේ
ඔලුව දාලා බැලුවා මං
මොකක්ද මේ යුද්දේ
225ම එපා කියලා තම සද්දේ

එළියේ වෙච්ච දේවල් මං දන්නවා මල්ලී
කිව්වා මුං ඔක්කොම හොරු කියලා කලින්ම මල්ලී
සුභ පතනවා අරගලයට එකෙන්ම මල්ලී
මට කතා කරන්න එපා කියලා තියෙන්නේ මල්ලී

මේවා දැක්කාම හිතෙනවා
ඊලග ජනපති සිහිනය ඉටු වෙයි ද මාගේ
ආර්‍යාවත් දාගෙන තෙල් නැති හින්දා
එන්නේ මං බර බාගේ
කුඩයක් තිබුනත් වැස්සට තෙමි තෙමි
යමි මම ඔබ හින්දා පාරේ
ශට්ඩවුන් කරනවා පියාවගේ අරගල
ආවොත් නම් මගේ කාලේ

ඔය පොඩ්ඩ පොඩ්ඩ
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා

ජනපති සිහිනය තියාන 4ක් 5ක්
ඉන්නවා ඇතුලේ
කොච්චර දැම්මත් අනිත් පැත්ත
පැති දෙකයි නෙ තියෙන්නේ රොටියේ
මෙච්චර කියන්නේ එකම දෙයයි දැන්
තේරෙන්නැද්දෝ මිතුරේ
තොපි ඔක්කොම ඉන්නේ අපි එපා කියන
අර 225 ඇතුලේ

මේ අර්බුදය මා විසින් හැදුවේ නෑ
ඒ ගැන මං දන්නේ නෑ
ඒ හින්දා මං යන්නේ නෑ
මොනාහරි කරමුකෝ
අනේ බුදු නානක්කේ
තව හොටෙල් එකක් හදලා දෙන්නං පස්සේ
අරුං පොල් ගහනවා බෑවිලා යන්න සංහති
මං එක්ක හිටපු එවුන් දැන් දැන් හැංගෙති
එහෙනම් සවේ බුදු සරණින් මං යන්නං දැන් ඇති
නානට වැදගෙන ඉදලම මට හති

ඔය පොඩ්ඩ පොඩ්ඩ
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා

ඔය පොඩ්ඩ පොඩ්ඩ
පොඩ්ඩ පොඩ්ඩ
දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා
ඩාම් වෙනවා ඩූම් වෙනවා

එක්කො තව ටිකක් ඉදලා යමු නේද
ඒක තමයි මමත් කියන්නේ
එකපාරටම යන එක හරි නෑ නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply