හෙණ හත වැදියන් | Hena Hatha Wadiyan by Kanishka K [2022]

Sinhala song lyrics with music notes illustration

හෙණ හත අකුණු මාරක තොට වදින්නේ
කන බොන දෙයක් ලේබඩ වී ගලන්නේ
කළ පව් උඹට මතකද අපි නොදන්නේ
වෙන මක් කරම්දෝ නොදැනයි ලියන්නේ

කඩවර හීනියම් දෙවිඳුනි මේ වැන්දා
වරදට පහරදී බිලි දීපන් උන්දා
පොලයක් බිඳෙන සේ කටුකර ඒ පෙන්දා
කඳුළැලි නවතපං අපි අසරණ හින්දා

දෙවි මැද කාලි බල තෙද සවි ඇති අම්මා
දැක මේ කඳුළු උං මරපං හිත නම්මා
ගිනි හද හූනියම් දෙවි බලයෙන් දම්මා
ඌ සහ උංගෙ ටික – කරපං සුම්මා

මැහුමෙන් මැහුම සැත්කම් බැමි කඩීයන්
නිදි නැති රැයක තොපි නොමැරී මැරීයන්
මිහිපිට කරුම ලෙස කිසිවක් තිබේ නම්
පිට පිට තොපිට වැහි නැති හෙණ වැදීයන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply