මා ප්‍රාර්ථනාවේ | Ma Prarthanawe by Supun Perera [2022]

ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
හද මාරුතේ ගිනි නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරකාවේ
අපෙ ආදරේ එහි ලියා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

පෑ එදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑ එදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා

රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා

හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලිවුණා
ආපු දුරක මතකේ සිහිවුණා

පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

Leave a Reply