ඩ්‍රාමා ක්වීන් | Drama Queen by Dulan ARX ft. Yureni Noshika

Sinhala song lyrics with music notes illustration

සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

එයා Drama Queen 
මවලා හේතු රඟපාලා Scence 
එයාගේ පදේ දැම්මා Dance ඉතින්
විදින්නෙ බොරු ඒවා නම් nothing ! ඒවා නම් nothing !!

මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ
විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ
නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ

Jeez ! එයා අවේ ගලවන්න දත
මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට
මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු
සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි ! 

අනේ පනේ කියාගෙන ආවට 
මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ
ඇහේ කනේ තියාගෙන හිටියට 
වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ

බඩගින්නට කෑවේ මගේ ඔලුව
වචන නගුල හෑවේ හිත වගේ මලුව
අතුරුපසට ආයේ තව එක වලියක්
‍යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවා ඒයි !!

Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා
Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා
ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා

ආ සේ මුලාවේ ඈඳීලා
යාවී නුරාවේ නෑවීලා
පාරාම යාවී ගෑවීලා
ඒ හද ආයෙම ඈ

එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින්
මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine
ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින්
මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying 

එක බොරුවට මගේ බොරු දෙකයි babe !
මේ karma ඔයාව හොයන් එයි
ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh !
මේ Drama එකේ නලුවා ඔයයි

සංකාරිද මා වත පේනා
හීනේ පුරා රති ගේනා
නාරිලතාවක සේයා
දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
මා ළඟ නෑ ළඟ නෑ
මාගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ

සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

written by Dulan ARX

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply