මඟ හැරී | Maga Haree by Mihiran [2023]

මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනා
ඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනා
මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
මඳකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්
නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

මටත් හිනැහිලා ඉන්න තිබුනා
මගේ රුව අරන් නුඹට ආදරේ දැනෙන්නට
දුකක් නෑ ඉතුරු වී
නොහැගුනාදෝ මා දුන් සෙනේ
නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

කදුළු මගේ දෑසට නුහුරු වුනත්
නොනැවතී වැටෙන මේ කදුළු නම්
යනෙන මඟ දැනෙන ඇතැම් විලවුම්
සුවද සිහිකරයි මට නුඹව දැන්

අපි දෙතැනක මතක එක තැනක
හිත් උන්මත්තක ඇස් ආගන්තුක
අහිමිව ගිය හේතු නොදැන මම
ස්වභාව දහමට අවනත වෙමි අද

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

written by Mihiran

Song Summary

A tender song about loving someone selflessly, accepting separation, and finding peace in knowing they are happy, even from afar.

Song Meaning

The song reflects a deep, unconditional love marked by longing, acceptance, and emotional maturity. The singer admires the beloved’s beauty and cherishes the moments they once shared, wishing he had more time to comfort her heart. Although they are now separated and much time has passed, he does not hold resentment or sorrow; instead, he finds solace in knowing that she is living well and happily somewhere. Tears, memories, and familiar scents still remind him of her, but he chooses to surrender to fate and nature, accepting loss with grace. Ultimately, the song speaks of pure love that values the other person’s happiness above personal pain.

Leave a Reply