ආලේ වන්දනාවක් | Aaley Wandanawak by Dilki Uresha ft. Nadun

Sinhala song lyrics with music notes illustration

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ…

written by Sandun Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply