කටක | Kataka by Manasick ft. Drill Team Westnahira [2024]

Sinhala song lyrics with music notes illustration

හමන හුළගද තරගයක් කොළඹදී
දිනන අරමුණෙන් උරෙන් උර පොරබදී
සමාජෙ කිව්වා “Borna” වීදියට හුරුමදි
අද හැම වීදියෙම උබේ කන ලුහුබඳී

ජවය සම සමයි නැග්ග හැම ගල් කුලේ දීත් තැන්නෙදීත්
හාමතත් සම සමයි නියගයෙ කන්නෙදී
කිව්වා ලේ වෙනකන් ගිරිය අද පුරවලා බැල්කනී
ඒ ලේ ගඟ දිගේ කතා කියයි ජැක්සන් ඇන්තනී

බලන් නක්ශස්ත්‍ර කිව්වෙ වෙන්නෙ දොස්තරමයි
බම්බු නවාංශක, කාලයක් උන්නෙ පොත් වලමයි
අපල දුරු වෙන්න වැන්දා බෝධී කොත්වලටයි
පඬුරු කරන ඉරණම් සල්ලි උන්ගෙ ගිණුම් පොත්වලටයි

සෑහෙන්නෙ නෑ “Borna” ඉඩම් යාන වාහනෙන්
පවතින්නෙ නමයි දැක්කා හැම ආදාහනෙන්
මට වේදනාව‍යි නාශකය උන්නෙ හුදෙක් දාහයෙන්
රාහු කුජ නීච බුධ නෙමෙයි උත්සාහයෙන්

හැම ජීවිතේ වරදින තැනකදී
බලලා උන් මගෙ හදහන “කිව්වා උබ කටක”
නව ග්‍රහ රාහු කේතු බොට බලවී
දැම්මා මට තහනම “කිව්වා උබ කටක”
ඉන්නෙ ග්‍රහ නීච තරු වලට පැරදී
හුදෙක් හිරු කිරණම “කිව්වා හින්දා කටක”
උන්නෙ නෑ බයෙන් කර බාගෙන ලතවී
ලිව්වා මම ඉරණම
ගත්තා මගෙ අතට

හිටියෙ මම පීඩනෙන් පීඩනෙන්
භය සීතලෙන් භීෂණෙන්
ගන්න තීරණෙන් තීරණේ අව පීඩනෙන්
සත්වාදෙ මනසෙ අව තීර්ණවෙන්

දන් දියන් උබ ලේ මේ භූමියට ඒත් කැතීටරෙන් මීටරෙන්
උබ මැව්ව පලියට හීන වෙන්නෙ නෑ ඉෂ්ටත්
හබා යන්නෙ ජීවිතේම සමත් වෙන්නයි ශිෂ්‍යත්
යතාර්ථෙ නෑ කවදත් ශිෂ්ටත්
ගිහින් කියතැහැකි අද නිකමෙක්ද ඉස්කෝලෙ සර්ටත් මිස්ටත්

උන්ගෙ ජෛව මිත්‍යා
බොලගෙ දියමන්ති ඔප කරලා දුන්නෙ එක මුතුගලයි විද්‍යා
කරන්නෙ නෑ සටන නිට්ටා
තරගයක් නැති අලසම එකා හොයන් කපපන් ඒ ඉත්තා

සෑහෙන්නෙ නෑ “Borna” ඉඩම් යාන වාහනෙන්
පවතින්නෙ නමයි දැක්කා හැම ආදාහනෙන්
මට වේදනාවයි නාශකය උන්නෙ හුදෙක් දාහයෙන්
රාහු කුජ නීච බුධ නෙමෙයි උත්සාහයෙන්

හැම ජීවිතේ වරදින තැනකදී
බලලා උන් මගෙ හදහන “කිව්වා උබ කටක”
නව ග්‍රහ රාහු කේතු බොට බලවී
දැම්මා මට තහනම “කිව්වා උබ කටක”
ඉන්නෙ ග්‍රහ නීච තරු වලට පැරදී
හුදෙක් හිරු කිරණම “කිව්වා හින්දා කටක”
උන්නෙ නෑ බයෙන් කර බාගෙන ලතවී
ලිව්වා මම ඉරණම
ගත්තා මගෙ අතට…

“මේ ලෝකෙ දෛවය කියලා දෙයක් නෑ..
උබට කරන්න බැරි දෙයක් නෑ..
ඕනෙ උත්සාහය විතරයි”

“මට වේදනාවේ නාශකය උන්නෙ හුදෙක් දේ දාහයෙන්
රාහු කුජ නීච බුධ නෙමෙයි උත්සාහයෙන් Bro උත්සාහයෙන්”

written by Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply