මංදිරේ හදේ | Mandire Hade by Dulan ARX [2024]

Sinhala song lyrics with music notes illustration

හිත වෑහී යාවී ආලෙන්
ම්ම්.. හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ

චිත්‍ර පට දර්ශන වගේ
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
ඔව් ඒක තමා ප්‍රශ්නේ

නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත

ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

දුර පාවී යා නම් මාගෙන්
හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්

මංදිරේ හදේ..//

written by Dulan ARX

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply