නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා

නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා

සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

Leave a Reply