රුං රුං රුං | Run Run Run by Master D [2020]

අඩමානෙට මත්උනු රත්උනු බබරු

මල් යායට ලං වුනා රුං රුං රුං

අර කාගෙද රස්නෙට පිච්චුන අගුරු

වලාවට වැඩියෙන් දුං දුං දුං

අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්

ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්

හිත පත්කල තැන් වල අසමාන කටින්

උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්

අඩමානෙට මත්උනු රත්උනු බබරු…

මම තාමත් හොයනවා කාසි

බොර දිය මත පාවෙන පාසි

ලග හිටියේ නෑ මට තරු රාශී

තාමත් දෑසට පේන්න බෑ කාකී

තනිපංගලමේ දුර ඈත වැඩ

මට වෙලාවක් නෑ දාගන්න වද

මගෙ රැපෙන් උඹ හදාගනින් හද

මගේ රැපෙන් අන්ද උඹ වෙලා බඩ කෙල්ලේ

දැන් නම් රටේ සායම දියවී

පාවෙන ජීවිත චන්දෙට වියලි

නිරුදක කතරක පිපි මල් පියලි

කරකුට්ටන් වෙලා හොයනවා දියලි

මම අහගෙන ඉන්න කන් පියවී

රට ගැන කියවන හින්දා හිත බියවී

රටින් එපිට තරුනයන්ගේ හද ලියදී

පිරුණු කල නොපිරුනු කල මෙන් සෙලවී

අනේ මන්දා මගේ රට මතෙන් අන්දයි

දුටු ගමන් මුල පුටුවට එකෙක් වැන්දයි

නොනැමී ඉදලා මට ඉතුරු වුනේ කොන්දයි

මගේ රැපෙන් පුරවන්නෙ උබේ මොල ජුන්ඩයි

මම ඉහින්නෙ මතුරා රැපෙන් බින්දයි

පොතුජනය පොදුජනය ලග වින්දයි

පිරිසිදු වෙලා ඉන්නෙ කුනු ගත හින්දයි

මතුරන මගේ රැපෙන් උඹේ බල බින්දයි

ඌ සිරිකත මද්දට අහුවී

අපි කැරකෙද්දී රට එකතැන පල්වී

පිරිකර වෙනුවට රුපියල ඇල්ලී

සේනා මොකටද බොදුබල හැංගී

මූ රස කර කන කජු පුහුලන්

දුරක ඉදන් බලන්න රට ගැන උහුලන්

උසමිටි කම් ගැන කාටත් දැන් කුහුලක්

මගේ රැප විලි වහගන්න උඹට දුහුලාක්

අල්ලට වී මිරිකා ගත්තට මහ අය

හිත්වල කොහෙද රත් වුනු මැනික් කැට

ගස්වල කොහෙද මී අඹ තවම ගැට

පස්සට ඇදෙන හිත් වල තියපන් අඩ

මගේ රට්ටු හිනස්සන පිස්සූ කතා

යන්නෙ පෙට්ටි ගනන් කිරි අස්සේ ගගා

රට ලෙඩ්ඩු කලා තවත් කක්කා කවා

අඹ පොත්තෙන් පවා මෙහෙ ගස් වැවුනා

පරසිද්ද සුරන් දීපෙ බෙල්ල කපා

යද්දී දන්නෝ නොදන්නෝද හැංගි හොරා

නොදැනෙන්න රටින් උන් චුත්ත වෙලා

රහ දන්න උනුත් ගොලුයි සල්ලි තකා

මට බෑ

දරාගන්න ලස්සන රට කෝ

හිත්වල මුදුගති අත්වල ගැට දෝ

රටින් ගේන ඖෂද පඩ වැඩි දෝ

ලෙඩ්ඩු මරන් කන දොස්තර නිදි දෝ

රටේ වවාගෙන කන්නම බැරිදෝ

ඒ තරමට රට ණය බර වැඩිදෝ

අම්මලා තාත්තලා දැන් බිසී වැඩිදෝ

මගේ රැප දරාගන්න උබේ මොලේ රළුදෝ

අඩමානෙට මත්උනු රත්උනු බබරු…//

written by Master D

Leave a Reply