ශ්‍රී ලංකන් පොරක් | Sri Lankan Porak by MasterD [2020]

Sinhala song lyrics with music notes illustration

සුද්දෙක් නම් නෙවෙයි
මං Sri Lankan පොරක් බං
වෙයං බං අහක
රිද්දන්නෙ රැප් තුඩින්
උල් කරන් ඉන්නෙ මං
කන් බෙර රහට

වස් කපං එන්නෙ මං
රැස්වෙලා ඉන්න දැන්
රත්තරන් පහට
අනෙ ලස්සන කෙල්ලො
දැන් ඇස් යටින් බලයි උන්
හිත්වල කහට…//

ඉස්කෝලේ යන්න ඕනේ
වැස්සට හරි නැත්තන් රට ලෙඩේ
පංගුවක් කෑවා සුනංගු
හින්දා බැරිය පංගුවක් කන්නෙ පඩේ
හුංඩුවක් කාපු මම රන්
කිරි නැතුවා ගෑවා රන් පිට ගලේ
මට රන් ගෙවල් මොකට
පං පැදුරෙත් මගේ රැප් දිග ඇරේ

පප්පලා ඔක්කොටමයි
මගෙ අරිෂ්ඨෙ මුට්ටිය මදි
සත්තුන්ට පේන්න උඹ
ඉස්සරහ පැදුරෙ දාන් බිත්තර බදි
තව පුප්පල නයි ඇරපං
රටෙ පොඩ්ඩන්ට බෙට්ටට කහී
අනෙ පිංකල ගෙන්නුවෙ
නැග්ගුවෙ කවුද රතු කට්ටට නගී

ඇයි බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි…///

බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි…///

උෂ්ණ කාලේ මේ වෘෂභ
පාලනේ කුසලෙ මම
සුද්දට වඩා මුන්දැ රට කාලා
දැන් කුසලෙ තමයි
පැත්තක් උනත් බෙට්ටක්

උනත් උස්සන්නම් බං උසම තමයි
ගලක් උනත් ගැටෙ
මගෙ පයේ උඹෙ රැපට වඩා

සුද්දෙක් නම් නෙවෙයි මං
Sri Lankan පොරක් බං වෙයං බං අහක…//

ඉස්සර ලං වෙලා උන්නු
කොල්ලන්ගෙ දැන් මරිසි වැඩී
රැප නෙවෙයි මේවා
බෙහෙත් අපේ උන්ට හරිම වටී
විස කඩා ගන්න දීපු

ගමන් ඔලු ගලක වදී
අනෙ මොන ගලක්
උනත් හැරිලා ගැලුවා ගලන නදී

රට යන අත ගැන දන්නෙම
නැතුව සෙනග නිදී
මගෙ රැප මගෙත් තෝරා
බේරා දීපු ඔලුව හොඳට නිදී
මුලසුනක් හොයාගන්න

ගිය ගමං පුකක් ඔලුවෙ වදී
පිල මොකක් උනත්
උතුමන්ලා රටෙ මගෙ කකුලෙ නගී

ඇයි බොරුවට පැ…

බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි…

සුද්දෙක් නම් නෙවෙයි මං…///

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply