හීන රටේ | Heena Rate Kinnaraawi by Sahan Chamikara

Sinhala song lyrics with music notes illustration

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදූරේ

හීන රටේ කින්නරාවී
මා ලගින්ම ඉන්නවා
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

කුන්ඩසමන් මල් වසන්තේ
ආදරෙන්ම මත් වෙලා
ආ යහන් ඉමේ නිදද්දී
හාදුවක් දී හැන්ගුනා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුණමින් ගී
ර්‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම්
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ

Written by Nilar N Cassim

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply