මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා

written by Nisal Gamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *