in #GoHomeGota2022, Sahan Chamikara

ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වැරදිලා කියූ දෙයක්
දෙයි රිදුම් හදේ තවත්
වෙන් වෙලා ගියේ නැතත්
ඇයි තවත් ගතින් දුරින්

ගලා හැලෙන
ඇල්ලක් වගේ
ආදරේ කලා

වෙනස් වෙන්න බැහැ මට කොහොමත්
ඔබ මගේ නිසා
අරුමකක් නැති ලොවේ
පුදුමයක් ඔයා මගේ

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වළාකුලක සුදුමුදු පහසේ
පාව යං කියා
සැබෑ නොවුනු එය මගේ දිවියේ
පැතුම වූ නිසා
කවුරුවත් නැති ලොවේ
ඔබ මගේ
ඔයා මගේ

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වැරදිලා කියූ දෙයක්
දෙයි රිදුම් හදේ තවත්
වෙන් වෙලා ගියේ නැතත්
ඇයි තවත් ගතින් දුරින්

banner

Leave a Reply