නිවුනා | Niwuna by YAKA x DKM ft. Master D [2020]

Sinhala song lyrics with music notes illustration

සිත නිරතුරු රහසින් කොදුරන්නේ
නුඹ ගැන සිත සිත මම නිදි යහනේ
ඒත් නුඹ එක් වී ඉන්නේ පහසේ

මගේ නෙමෙයි වෙන කෙනෙකුගේ යහනේ
පෙම මිල කොට දෙන කෙනෙකු ද කියා
දැවෙන ගින්දර මා සිත තුළම නිවුනා නිවුනා

ආ වදකාර හීන භයංකාර
රූප කූට මා සිනහා වුණා
මගේ වත ඇදුළා කාදුළා
බඩ රාගේට තා වැහුණා
රත හෙදුණා ඒයි

කවුද දන්නේ යන තැන ඇත්තෙන්
ඇයි මන්දැ සිල් නොද රැක්කේ.
සද්ද බද්ද මැද්දෙන් ඇවිද්දේ මං
සද්ද බද්ද මැද්දෙන් ඇවිද්දේ මං

මට පේනවා දැන් ආව පාර
හරි හරි දුර දුවන් යායුතු වෙයි
සිනමාව රට එළන් අරාජික
රන් පළස් බ‍ංකොලොත් දැන්

කේඩෑරි කුඹුර පුරා සිරුවෙන් යං
බලකාමය තීරුවෙන් යං
හිරේ ඉදන් ඇවිත් A7ක්
ගත්ත සදමාලිට degreeයක් දෙන්
මට පැරදිලා නෑ සටන්

කද මහතට තිබ්බට කෝ රටක් එකයි
හිත අඩු වෙන්නේ නෑ තවත්
ලොකුමාමට ඕන මම මහතට ඉන්නයි
බිම බලන් ගිය කෙල්ලෝ මූන උස්සලා

මට නිකට පෙන්නයි
මං බලන් ඉන්නේ උන්ට
පස්ස පෙන්නලා උඹට මුණ දෙන්නයි

මොන පැවිල්ල ආවත්
හිදුණේ නෑ මගේ රාග නිධි
අද යාමෙන් යාමෙට
වැඩි නැ මගේ හද මදී

දුර පාවෙන්නේ නෑ සිත
සීලේන් කාමෙට නිතරම අදි
එක යාමෙන් යාමෙට
තනිකම පැති දෙකට අදී

වරෙක පෙම් ගී කියා
කොදුරන්නේ
සිතෙන විට හැරයයි
නොදැනෙන්නේ

රට පුරා ඇසෙන වදන්
නොඇසෙන්නේ
දැවෙන ගින්දර සිත තුළ
නිවෙන්නේ

වරෙක පෙම් ගී කියා…

සිත නිරතුරු රහසින් කොදුරන්නේ…

අදට මාසයි දවස් හතරයි
සිතට වාසියි ඒක පුරුදුයි
හිත හිත මම හැමදාම
යන්නයි යන්නේ ඈ හම්බවෙන්නයි

හිත පිරිසිදු රූකාරකම්
ඇය රන්වන් දැන් වාරකන්
උගත්කම් වැඩක් නෑ දැන්
රට්ටු කියන්නෙත් මාර දේවල් බං.

පෙමට මත් වී මම දැන් සිරුවෙන්
කරන දේවල් ගැන නො ස්ථිරේන්
හිත හිරවුණු පාඩමෙන් මන්

මිදී යන්නට වෙර දරමින් දැන්
ඉන්නේ බංකොලොත් වී සිත
මුදුනේ හීන ගුළි කරන්.

මොන පැවිල්ල ආවත්
හිදුනේ නෑ මගේ රාග නිධි
අද යාමෙන් යානෙට වැඩි
නැ මගේ හද මදි

දුර පාවෙන්නේ නෑ හිත
සීලේන් කාමෙට නිතරම අදි
එක යාමෙන් යාමෙට
තනිකම පැති දෙකට අදී

written by Master D & DKM

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply