ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී
මල් නටුවට පිණිබිදුවක්
බර වැඩි නැති හින්දා
මල් රේනුව හිස නමාන
මේ ලෝකෙට වැන්දා
හින පොකුරු හිත පුරෝනා
අපි කසාද බැන්දා
මංගල රෑ එලිවෙනතුරු
නුඹ සමාව යැද්දා
ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී
මුළු ලෝකෙට හොද මූනක්
පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වෙනතුරු
අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම්
කියන්න බැරි හන්දා
ගැනියකට සමාව දී
රැවටුනාද මන්දා
ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී
Song Summary
The song reflects on love, sacrifice, and emotional pain during life’s hardest moments, questioning whether the beloved is truly happy despite all the suffering endured.
Song Meaning
This song expresses the deep emotional struggle of a person who stood alone during life’s most chaotic and painful times, even when there was no support or comfort. It recalls love, marriage, and shared smiles, but contrasts them with hidden sacrifices, silent suffering, and tears shed to protect the other person’s happiness and public image. The narrator reveals how much pain was endured for love, forgiving mistakes and possibly being deceived, while still wishing well for the beloved. At its core, the song is a heartfelt reflection on unconditional love, resilience, and the quiet sorrow of giving everything for someone who may never fully understand that sacrifice.