හඳ පානක් | Sanda Panak Se Awidin by Samitha ft. Athula Adhikari

Sinhala song lyrics with music notes illustration

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
හඳ පානක් සේ ඇවිදින්
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට…..

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ – මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ – ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ – මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ – මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply