A vibrant and playful 2020 folk-fusion track by Dumal Warnakulasuriya celebrating traditional charm and lively character imagery.
Song Lyrics
පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
හීන අරණ්ණේ නොංචි රඟන්නී
ප්‍රේම මන්දිරේ වර්ණ මවන්නී
සුපෙම් නුරා නෙත් කොනින් අදින්නී
බඹරුන් කැන්දනා මල්සර කුසුමී
වඩිනා උදයේ ඉර දෙව්
සේමා නලලේ රැස් විහිදෙයි
අසුනේ ඉඳගෙන කෙහෙරැලි
පීරා මුහුණේ හැඩ බලතෙයි
විලවුන් ඉහලා නාදළු
විකලා උජාරු වෙන් බලතෙයි
දුම්රිය නළඟන කොහොමද
කීවොත් අපොයි කියවෙයි
පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
කෝල බැලුම් ලා ඔමරි කරන්නී
මන්ද හාස දී සුරතල් වෙන්නී
අනඟ සරින් විද සිදුරු කරන්නී
ආලෙ නොදී හද දැදුරු කරන්නී
අකුලා උරහිස දුම්රිය වාගේ
නලලේ රැලි දමතෙයි
වනලා නිතඹේ ගස්සා පද්දා
ගෝමර පෙති නටතෙයි
බලලා කොනකින් ඉඟිත්
මරන කොට ගමකට සැර දමතෙයි
දුම්රිය නළඟන කොහොමද
කීවොත් අපොයි කියවෙයි
පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
Song Information
Song Title: Nonchi (නොංචි)
Artist: Dumal Warnakulasuriya
Lyrics: Dumal Warnakulasuriya
Genre: Folk-Fusion / Upbeat Pop
Language: Sinhala
Release Year: 2020
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Nonchi” is an energetic and colorful 2020 track written, composed, and performed by Dumal Warnakulasuriya. The song brings a playful, traditional folk narrative to life, celebrating character and theatrical grace with upbeat rhythms and engaging vocal delivery.
Song Meaning
The track paints a vivid, humorous, and affectionate picture of a lively character named Nonchi, comparing her presence, posture, and expressive glances to traditional village imagery and theatrical charm. Through playful lyrics, Dumal Warnakulasuriya captures the essence of rural flamboyance, flirtatious winks, and captivating grace that turns heads and commands attention wherever she goes.
Frequently Asked Questions (FAQ)
What is the overall tone of “Nonchi”?
The tone is lighthearted, playful, and deeply rooted in traditional Sri Lankan folk-fusion aesthetics.
How is the central character portrayed in the song?
Nonchi is portrayed as a charismatic, expressive, and vibrant figure who captivates those around her with her unique style, gestures, and playful allure.
Who is credited for the creation of the track?
The song was written, composed, and performed by Dumal Warnakulasuriya.