සිත දැවුනා | Sitha Dawuna by Yohani ft. Hiyum [2020]

Sinhala song lyrics with music notes illustration

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

නොදැනෙන සේ සිටියදි මා
ඔබගේ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොඑනා
දිනෙක සදා

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

ඔබ නොකියාම ආව
හදුනාගෙන හාදු දී
නොකියාම නාව
නිදිකුම්බා මලක්
කිම ඇහැරුවේ මාව
තනි කලට හිත නෑ
ඒත් නුඹගාව

ඕනෙ උනේ
යථාර්තෙන් පැනලා ගිය ආලයක්
බ්ලේඩ් තල අදිමදි කරපු නහරයක්
අපිට අපිව තේරුම් ගන්න කාලයක්
නොදැනිම රැස් උනා මන් ගැන රාවයක්
මම රැප ජීවිතේ කරගත්ත පොරක්
මතකද කෙල්ලේ මම කිව්ව වරක්
බිසී වේ සංගීතේ බදු අරන්
ඒත් නුඹ සැකයට දුන්න මහ බරක්

මුලදි අපි ලිව්ව රචන අස්සට
පස්සෙ පෙරලුන හැටි වචන අස්සට
දැක්කා වෙනස ඒ පැටලුන ඇස් යට
යන්න බැරිද ඒ කාලේ ඉස්සර
උසම තැනට යන පාරයි
මතකයන් ඇවිදින් අතීතේ පාරයි
ඇවිද යමුද නතරනං වෙන්න
නුඹ ලග ආසයි අතරමං වෙන්න

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

පරසතු මල තාමත්
අකුසල සිත පවකට ඇලීගෙන ආව
පිට රටකදි ඈ නුඹ ගාව
අනියම් පෙමකට නුඹ පිය මැන්න
ගියපාර නාව දුක තාම වාවගෙන
එන පාර ගාව වෙල් යාය අතීතය
හැමදාම මාගෙ ලග
පාට හීනයක තෑගි දී හොර ගෑනි වේද

දැන දැන මා
දැක දැක මා
නොදුටුව සේ
දුක් වින්දා
සිතු දේ මා
පැතු දේ මා
අතහැර දා
යන්නම් මා

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

නොදැනෙන සේ සිටියදි මා
ඔබගේ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොඑනා
දිනෙක සදා

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply