🔹 ගීතය පිළිබඳ කෙටි හැඳින්වීම
මෙම ගීතය ජීවිතය, සමාජය, මිනිස් සිත, සහ අභ්‍යන්තර වේදනාව පිළිබඳ ගැඹුරු අදහස් ඉදිරිපත් කරන සිංහල රැප් ගීතයකි.
එය සත්‍යය, අසමතුලිතතාව, සහ ජීවිතයේ අර්ථය සොයන මනුෂ්‍යයකුගේ හඬක් ලෙස පෙනී යයි.
🔹 පළමු කොටස – හීන සහ හිස් බව
පාට පාට හීන ලෝක
මැව්ව කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුනු
ගමනේ අරුත නොදැන බල්ලෝ
නොකන පිදුරු කුමට
රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව
රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
🔹 දෙවන කොටස – මතක, බය සහ අතීතය
මදුවිත කැස්සට ලොල් උනු
වලපල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල
නොදුටු ගෝනි බිල්ලාට
ඇට මිදුනු මුදුනු කදුලු සතුටු
සතුරු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන
මතුරන බොරු පැතිරෙන හැටි
🔹 තෙවන කොටස – සමාජය සහ අභියෝග
වැතිරුනු දේහය ආවේගය
පාපයේ සාපය කාසිය මත්තෙම
නාඩිය බාරිය වෙනකම් කාරිය
මුල විසිකර හිත නැතිකර
පිරිමි අදින කොට සාරිය
රට වටේ කට කතා දැනගත්තා
ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගේම තනිව ඇහුවා
🔹 සිතේ ගැටුම සහ සත්‍යය
වැටෙනවාද හැදෙනවා ද
රටට මුලාව දැනුනු සතුරු
වාද තේරෙනවාද
වැටිලා බිදුනු සිතට කාලා
බීලා කෙල ගහපු මිතුර
මත පිලිබද රැක මුනිවත
ලියවුනා මගේ රතු පෑනට
🔹 නිදහස ගැන සිතුවිලි
මේ සිංහ නාද කම්
හොරහින් කතා කරා
මට මාව එපා වී දැං
නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම
නිදහසේ නිදහසේ
මට නිදියන්න ඕනා
දැං නිදහසේ
🔹 ජීවිත ගමන සහ සත්‍යය
මම පටන් ගත්තේ හීන
ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්‍රශ්න එක
පිටම වෙලා ගෙන
මනස හොයන සුව
පස්සේ දිව්වේ හතිදාගෙන
දියුනු වෙන ලෝකේ
අපි තවමත් එක තැන
🔹 සමාජය, දුක් සහ යථාර්ථය
ඒ වයිවාරන ලෝකේ
කටින් කියවන එක තමා රෝගේ
සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
නෑනේ මනි නැත්තම්
ලග එකෙක්වත් සෝකේ
කල පව් නිමා වෙලා කවද්ද
ඇරබෙන්නේ මගෙ පිං පොත
මට ජීවිතේම බාදක වැටුනත්
නිම වෙන්නේ නැති ගමනට
🔹 අවසාන කොටස – ජීවිතයේ පණිවිඩය
පාසලක් ගිනි තිබ්බොත්
දලු ලන්නේ හිර ගෙයක්
පහනට සුලගක් ආවොත්
රජ වෙන්නේ ගන දුරක්
නිසි කල වැසි දිය නාවොත්
සරු වෙන්නේ නියගයක්
ගුරු සිතකට දුක දුන්නොත්
හිස් වෙන්නේ පරපුරක්
අඩෝ බොක්කුවේ
බැහැගෙන වාඩිය දාගෙන
බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගේ
සමාජේ කාගෙන
සෙරෙප්පු හිල් උනා
පාරට ආරෙට
උඹ බැස්සට පොළොවට රස්තියාදු
මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජීවිතේ සීමිත
පණ පොවපන් චරිතෙට අසීමිත
දාගෙන මීවිත හාමතේ වී හිඳ
වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධි
හැමදාම දකිනවා ජීවිතේ
මොකක්ද හිතනවා මගේ
හිතින් උදේ නැගිටිද්දි
වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි
සාපය වූ කලී ජීවිතේ විය පලි
කල මත පෙලට රළ වැදී සෙලවෙති
ධර්මය නැති මට කර්මය හෙල වැනි
සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
මේවත් පොඩ්ඩක් අහපන් පුතා
සිත්තරු මං බොල ඇන්දේ රටා
බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
වෙනස් වෙයන් මං වගේ
චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කළට
රට වට නොමැත ගමන මගේ රැපට
තනිව ගමනේ මං තාමත්
දුවනවා අහගෙන ජීවිතේ මම මටම
මිනිස්සු මල්ලි
ගොඩක් දේවල් කරෙ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
මට මම විතරමයි