මට ගහපු ගල් | Mata Gahapu Gal by Keefa ft. Dr.BSKing

Sinhala song lyrics with music notes illustration

කලබලේ පව් කරන ඈයෝ
දුක් විදින්නේ නිවි හැනහිල්ලේ
මස් කාලා දත් තියෙන කාලේ
කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ
ලෝකේ පෙරලුනත් කන පිට
අඩුවක් නම් වෙන්නේ නෑ
මගේ කැලබිල්ලේ
අපි නැවතුනත් ඇති කියලා නවතීද
ලෝක කැරලකිල්ලේ

යාලු හොට පටලගන්න එපා
කොටලා ගහේ
උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ
මේවා අහන් ඉන්නකොට උබට කැහේ
වස ගහලා නැති වදන් හොදට පැහේ
ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන්
අපි නැටුවා ඔයිට වඩා වන්නම්
යටින් ගේම දුන්නොත් වනසන්නම්
ගීෆා රැපෙන්
කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන්

මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක්
හරි පාර හොයන් යන්න උබේ
මම මාලිමාවක්
උබයි මමයි නලුවෙන්
මේ ලෝකයම වේදීකාවක්
පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන
පෙහෙලි කාවක්
යන්නේ කවුරුත් මාරයගෙන්
වීසා ආපු ගමන්
පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන්
හරි හමන්

දැන ගනින් ඉදිමෙන්න
ඇගිල්ලක තරම්
දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ
ඉල්ලපු වරම්
රගද්දී මම පිටියේ
උබලා වෙන්නේ පහත්
බැදිමතුන්ටයි වදන්
අහලා වෙන්න රහත්
කල් යද්දී රස වෙන්නේ
මුලදී මොන වහත්
කොලඹ කොල්ලේ සැපේ කියලා
දාන්න පහක්

සතුට වැස්සක්නම් එපා මට කුඩ
ආස හිනා වෙන්න කකුල තියන් උඩ
රටම ලස්සන වෙලා හිද වීසා තුඩ
වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ
කොල්ලෝ

කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි
මම යද්දී මගේ ගමන නොයෙකුත්
ඇද කියයි
මල්ලි
රජ කෙනෙක් උනත් මරණයට බියයි
කොල්ලෝ
තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි

ඉන්න ඕනේ උනා වැදිලා
දැන් නම් මම ඉන්නේ හැදිලා
මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ
ඇදිලා
පලක් නෑ උබලා එක්ක ගැටිලා
මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා
උබගේ ඔය පහත් මනස තමයි
නිරුවත්

කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත්
රට රැකපන් උබව දෙකට ඉරුවත්
දැක්ක තැන දන ගහලා වැදපන්
විරුවත්

නැග්ගොතින් කදු බහින්නේ පල්ලම්
හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන්
ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම්
මම එන්නේ ගින්නක් වගේ ඩෝ
ලංකාව හොල්ලන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply