තාත්ත මට ඇනපු ටොක්ක | Thaththa Mata Anapu by Gypsies

Sinhala song lyrics with music notes illustration

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා

ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා

කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණපැලෙන්න කෙන්න්තියෙන්බැනලා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා

පුරුදු පුහුණු කෙරුවේදරුණු නීති රීති දමලා
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා

පේනව ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා

තාත්තෙ ඔබේ පිහිට අද ත් තියේ අපට ලැබිලා
පිහිට අපට ලැබිලා..

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා

ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply