මත් වී | Math Wee by Doctor [2018]

සද පායන ලස්සන
සීතල දවසක
රන් තරු වැනි ඔය
ඇස් දෙක පවසන
මින් පෙර නොව සුව
රහසක් මට ඇසුනා
නා දළු වන් ඔය
සියුමැලි තොල් මත
පොපියන හසරැල්
අතරේ සැගවුන
පැතුමද සෙනෙහස
බව නම් මට හිතුනා

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

ඔය දෑස මාගේ
දෑස ගාව රන්දා
හිනැහෙන්න මාගේ
දෑතේ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්

හැමදාම උන්නේ පාළුවේම හින්දා
වෙන්වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගෙ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *