අපේ හාදකම් | Api Gewana Jeewithe Waruwak (Ape Hadakam) by UZI Senadeera

Sinhala song lyrics with music notes illustration

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

හැමදාම ප්‍රශ්න හැමදාම රණ්ඩු,
උබෙ සිතුවිලි මගෙ හිතත් එක්ක හැමදාම මුරණ්ඩු,
මතකයි අතින් අල්ලන් උබ මට දුන්න පොරොන්දු,
හොයනව තාමත් දෙන්න කොතනද වැරැද්දු

පළමු පාර මම දුන්න සමාව
දෙවැනි පාර අදුර ගත්ත මම කෙනාව
මම කැමති නෑ වෙන්න කළින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මන් විතරක්ම පතාන

මම අහන්නෙ උබෙන් මුල් කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උබ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට….මම තනියම….

කාලයක් මගෙ හිතෙ උඩින් හිටිය උඹයි සුදු දෝණි..
එන්න ලගට ගස්සල පද්දල කොන්ඩේ ටේල් පෝනි
පසුපස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝණි..
උබෙ වචන සැරයි කටුවක් වගේ හීනි

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උබත් එක දහස් ගනන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උබ නැති ලෝකේ
සතුටින් මන් විදිනව

මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකේ දවලා අළු ගගේ පා කලේ
මම නැවියෙන් නැව මුහුදු බත් උන
තනිකම දරා මම පිහිනුවේ ජීවිත සාගරේ

මට ඕනෙ නෑ කවදාවත් ඔයා නිසා අඩන්න
වැලපෙන්න මැලවෙන්න කදුලෙම තනිවෙන්න
කැමති වැටුන තැන ඉදන් ආයෙ නැගිටින්න
අදුරු අතීතේ මතක හිස් අහසේ පා කරන්න

මට තනිකම රජ උනා
කටේ දුම දාගෙන මැලවුනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනැහුනා
හිත ඇතුලෙන් තව ඇවලුනා
හද පතුලෙන් දුක ලියැවුනා
මගේ හීන දෝතට ගෙන
අළු යට මම වැලලුවා

මට ඕනෙ මගේ හිනාව
හොයන්නේ පරණ මාව
මම කවදක හරි නවතින්නේ
මං පැතුව හීනෙ ගාව
කදුලු ඉපදුනා මං ගාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපේ කතාව

හංතාන හීනයක මං තනිවුනා
අද මං ගාව සතුටින්ම මං හිනැහුනා
මං තාම මත් ලෝකේ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුනා

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply