තනි පාරුවෙන් (Freestyle) | Thani Paaruwen (Freestyle) by Master D

හද පිරි පිරි හිතින්
මග මැකිලා
අද හරි හෙට හරි
මගේ පද ඇහිලා

රස තවට තවර කන්නෙ
හදේ ඇතුලත්
මම රැප කරේ තියන් එන
ගමේ කැකුලා

මුළු දවසේම මම දෙන්නම්
රස වැඩි කව්
රැපෙන් ගලවන්නම් උබේ
මොල වල තව්

දුර ගමනක් ඇදෙද්දී
වටේ බල්ලෝ කිව්වා බව් බව්
ඇට එක්ක සව්
කන කර පවා මම තිබ්බද රැපට

මගේ කෙට්ටු ඇග
තද කරගෙන වැටට
රැපක් දෙනවනම්
සැපක් තමයි කනට මගේ රැප ලිපේ

උඹේ තාලේ ගත්තා දරට
හිත කැඩුනු වැඩුනු
තැන දැන් හීලි මගේ රැප දිය එන්නෙ

දැන් කඩන් උබේ ග්‍රීඩි
කවුද එන්නෙ දුවන් යන්න
මෙන්න රැපේ ලීඩින්

ලෝකල් වල ෆීලිං
හෙල සද්දේ ඇහෙද්දී
ඇයි මල බද්දේ

රැප දාලා ගිය උන් නෙවෙයි රැප ඇද්දේ
පස්ස මානවන් එකට
ගලපන සද්දේ

ඇහෙද්දී දුවන්න එපා
මං දැන් ඉන්නේ බැද්දේ
රත්තරං පොරවං
හිටියත් හෙල පැදුරු

මොන රජා ආවත් මෙහෙ
තාම වැඩි මදුරු
සමහරුන්ට මගේ රැප
වහ කදුරු

මම රැප කර තියන් මතුරන
හෙල ඇදුරු
මුතු වල්ලේ වැතිරේ
අපේ දැන් රැප් ගි

දිය පල්ලේ පැතිරී
අඩෝ රැප් ගී
උඹේ අල්ල කහන වැදේ
රැපේ සල්ලී

මගේ රැප නෙල්ලී
වැහි වලාකුලක් තමයි
වැහි වැටුනොත් නම්

ගර අඩුවේ තද කලා මගේ හිතේ රැප් මල්
පරාගයක් තමයි
පැලවෙන රැප් මල්

කලා පොලෙන් ගන්න බැහැ
මගේ රස රැප් නම්
පිලිසකර කලා මම
රැපේ රැපේ බිත්තී

ගිනි කතුරේ දැරෙව්වා
දෑලේ නැති විත්තී ගිනි කතුරෙන් අනිද්දී
දැනෙයි මට කිතී
වරුවකට දිනන්න මගේ රැපේ
විත්තී

අහක බලන් යන්නේ ඇයි
පූසි ඉසි ඉසි
මම දිය කරලා දෙන්නම් රැපෙන්
කිරි සීසී
බීරා අලින්ට වලි
වීනා වැයුවා ප්‍රීති

සිනා සාගරේ බලන්න
මෙන්න රට සීසී
නගරේ වගේමයි ගම
තාම පොඩ්ඩක් පස්සෙන්
අගය වැඩි මං දැන් එන්නේ
කැලය අස්සෙන්

හැමෝම පනින්න යන්නෙ දැන්
රුපියලේ ප්‍රශ්නේ
මම රැප ඉන්දන්නේ
අර පිරි මැස්මෙන්

රළු පරලු අතර
පැණි රස මතු වුනා
මගේ රැපට උබලැයි
කලු කම්මුල් රතු වුනා

මගේ සද්දේ ඇහිලා
උබේ හිත කෙට වුනා මගේ රස්නේ රැපට
ඉදුන ගෙඩි පවා ගැට වුනා…///

මගේ රස්නේ රැපට
ඉදුන ගෙඩි පවා ගැට වුනා…//

written by Master D

Leave a Reply