ආගන්තුක මනමාලි | Aganthuka Manamali by Randula Jayasuriya

ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ

උයන් තෙර හමුවෙලා
මේවගේ නුඹ හිනැහිලා
මගෙ නෙතේ නුඹේ රූ තියා
මා දෙවුරෙ නුඹ හැංගුනා

නුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
නළල් තල සිඹ සැනසූ
මගෙ දෙතොල් වියලුනා

ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ

Leave a Reply