දූවිලි මල | Doowili Mala by Stereomiinds [2021]

Sinhala song lyrics with music notes illustration

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා

සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා

ගිණියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුණා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා

ගිණියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුණා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply