හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]

Sinhala song lyrics with music notes illustration

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී
ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා

ඈ චංචලයි දෝ බඹරුන් රවයිදෝ
ඒ බිඟු තුරුල්ලේ – ඈ සෙල්ලම් කරයිදෝ
හිත් ගත් කිරිල්ලී යාවිද ඉගිල්ලී
මා හද දවාලා – ඈ සැනෙකින් හමයි දෝ

නෑ ආදර මනාලී මායාවකි මුලාවී
රහසින් මට දැනේවී ඈ පහසට ගලාවී
ඈ ඉගිබිගි කරාවී මා සිත ඈ පෙළාවී
ඈතට හිත හමාවී මා සැකයක තැවේවී

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

තේරුම් හොයන්නේ – උනුහුම මැකෙන්නේ
හේමන්තයේ මේ – හද පාරා
මාවත බෙදෙන්නේ – ප්‍රේමය නිවෙන්නේ
අවසන දැනෙන්නේ – සිත හඬනා

මංදාරම් සදැල්ලේ නෑ සැනසුම ගෙනාවේ
හැමදා අපි නුරාවේ පැටලී මං මුලාවේ
ආඩම්බර සිනාවේ මායම් කවි කියූවේ
ඒ පද නෙත් තෙමූ වේ ආලෙන් මා පෙලූවේ

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

written by Buddhi Sandeepa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply