කණ්ණා | Kanna by Stereomiinds ft. Kusal Lakshan & Nipuni Herath [2022]

Sinhala song lyrics with music notes illustration

මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ

නීල නයන මුදු කෙහෙරැලි රේඛා
ආල වඩන නලලත රන් තිලකා
පීන පයෝදර හීලෑ කරනා
සේල දුහුල් මන සලෙලුන් ගැටුනා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්නා

නුවර’ත සිරි සර විදින’තරේ, ඔබ
වත මගෙ හිත ගැඹුරෙ ම සැතපේ
නුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳ,නුඹ
රුව ගැන දැන් දැන් දොසක් සිතේ

සේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදී
පාද නිතඹ හිස වනනා , ඔහු ඇස දොස නෑ රැදී
වාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදී
මාද සිතේ සිර කල නුඹෙ, රූපෙ සෙමින් යයි ඇදී

මා සිර කළ මේ මාළිගයේ
පාලුව මා ගත දැවටූයේ
මා පැලේ නුඹේ උරතලයේ
සෙනේ සඳයි හද අම්බරයේ

වැනුම් සරින් බැලු මිස ඒ සේයා
හැගුම් සභාගත වී නුඹ ගාවා
රැගුම් අනෙක් උන් නැත සිරි මේසා
සිතින් නුඹව ඇද පබදිමි ගීතා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා

වනමින් අගනුන් උන් හැඩ පෙන්නා
මගෙ සිරි මදිකම් පදකරලන්නා
කෝප නොවෙමි මා, නුඹ සිත දන්නා
නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදා මා එය දන්නා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා

මගෙ ගී රස පිනවන අතරේ, නුඹෙ
රූ රජු සිත තුළ කැලල් කරේ
ඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙන
නැවතත් ගමටම පිටත් කරේ

සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතී
සාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතී
වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතී
මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී

මම නුඹෙ කණ්ණා

written by Nelum Bopitiyegedara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply