සල්ලිත් නෑ කෙල්ලොත් නෑ | Sallith Na Kelloth Na by Stereomiinds [2022]

Sinhala song lyrics with music notes illustration

පාවී පාවී මාගේ ලෝකේ සාමෙන් උන්නෙ තනිවී
හීනෙන් වාගේ නාරි බැල්මක් මාගෙ නෙතු හා යාවි
එවන් ශ්‍රියාවෙන් පිරි අඟනක් නෑ කිසිදා ලෝකේ හමුවී
ජීවන ගීතේ ලියනට එක්වී වෙනවාදෝ මා භාරී

අතමිට කාසි ඔබ සැනෙකින් පා කෙරුවා
මා කුළුදුල් ප්‍රේමේ හින්දා ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගෙ ඉහ මොල කර දෝවා
රූකඩයක් වී ඔබෙ සුරතේ ආලෙන් අඳ වූවා

රවටා හද මාගේ.. දැං මහ පාරේ..
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ..

මා මොල කරවුණා – ආලේ කුමටයි වැටහුණා
පතිනි වෙසින් එන චපල කතුන් අද පිරිම්න් රූකඩ කරනවා..
ජවු – සං නටනවා.. අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී මණිමේඛලාව හඬනවා

සැනෙකින් මැවූ ඒ ආදර ලෝකේ බිඳී ගියා හද සුන්වී..
මා හද සැනසූ බොළඳ වදන් අද මැකී ගිහින් දෝ වියැකී..
පේනා රූපේ පැහැපත්කම නෑ ඈ සන්තානේ හිලකී..
ආලෙ මැරූ කාරණාව සිහි වී උමතු හිනා මතු වෙවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply