Sinhala Disco Medley by Sarith & Surith with News [2021]

Sinhala song lyrics with music notes illustration

සද බැස ගිය තැන නෑ
හිරු බැස ගිය තැන නෑ
රල බැස ගිය තැන නෑ
මහ සයුරේ

හිනහුන දවසක් නෑ
සැනසුනු දවසක් නෑ
නැලවුනු දවසක් නෑ
මාගේ ලොවේ

හෙට හමුවෙමුද අපි
හෙට සැනසෙමුද අපි
හෙට නැලවෙමුද අපි
හිතවතියේ

නෑ
අද හමුවෙමුද අපි
අද සැනසෙමුද අපි
අද නැලවෙමුද අපි
පෙම් සයුරේ

නිල් ගුවන් හසකැන්
පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ යව්වනයේ දකිනා

සුවදක් සෙනෙහසින්
මගේ පැතුම් සනසමින්
මා දෙනෙතේ මා මනසේ
රැදුනා

හද සැලෙනා
රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා
තාම මැවේ
නොපෙනී නොමැකී
මේ මතකේ

හන්කිතිකවනා
සිතුවිලි අතගා
මම කොහොමද ඔය සිත ගැන
ගන්නේ පහදා

හුරුනෑ උපමා
කවි වැල් ගොතලා
මට හිතුනම ඉගි බිගි මත
පණිවිඩ තැබුවා

ලා ලාල ලල ලා
ලා ලාල ලල ලා
ලා ලාල ලල ලා

මා එතෙර ආ දා
ඈ නැවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ

මා හා තුරුලු වීලා
නෑසේ කදුලු දීලා
රහසේ සුසුම් ඈ හඩ ඇසේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනි වෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනි වෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply