මේ අහස යටම | Me Ahasa Yatama by Raween ft. Shanika Madhumali

Sinhala song lyrics with music notes illustration

මේ අහස යටම
යළි හමුවන්නට
ගිවිසාගත් හැටි
ඔබ හා මම
මතකද…
මතකද…
කියන්න
ඔබ හා මම
මතකද…
කියන්න

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න

සිඳු රළට හොරෙන්
ඔබ දැකගන්නට
මහ පොළව සොයා ආ
කිඳුරු දෙනෙත
මතකද…
මතකද…
කියන්න

ඔබ හා මම
මතකද…
කියන්න

මේ අහස යටම
යළි හමුවන්නට…..
සංසාර පුරුදු
නෙක හීන අතර…..
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි
සඳ තරුද නුඹයි මට නම්
පිණි හුළඟ වගෙම
මුළු හිතම නිවන
ආදරය නුඹයි මනරම්

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි…..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply