වැල් දොඩම් මලක | Wal Dodam Malaka by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ….

සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේ
සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ
මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ…..

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ….

සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලග එනවා අපෙ මංගල දිනේ
මලක් වගෙ ඔබ තියලා රන් කූඩුවෙ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ….

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply