පවසන්න | Pawasanna by Romesh Sugathapala [2021]

Sinhala song lyrics with music notes illustration

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

සීතල පවනැල්ලක් විහිදා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිගු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply