in Romesh Sugathapala

පවසන්න | Pawasanna by Romesh Sugathapala [2021]

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

සීතල පවනැල්ලක් විහිදා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිගු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

banner

Leave a Reply