හීනය Heenaya by Suwahas ft. Smokio [2021]

Sinhala song lyrics with music notes illustration

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

හීන කියන දේවල්
ඇත්ත වෙන්නත් ඕනෙ
මගේ හීනේ වෙනස්
අමුතුයි දකින්නත් ඕනේ
මගේ කරගන්නයි
ඕනේ මුළු ලෝකෙම

ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ තමයි
හැමෝගෙම
ඒත් කවුරුත් නැතත් විශ්වාසයි මට
මාව
වැපුරූ තරමටයි ලැබෙන්නේ
පලදාව

එක දේයි ඉල්ලුවේ බලන්
අහස දිහාම
නැති නොවී තියෙන්නයි
අම්මගේ මූනේ හිනාව

වාසනාව නෙවෙයි
හැකියාවයි අංක එක
ඒ ලැබුන ආශිර්වාදේ
ඉන්න මම හංග ගෙන

පිලිගන්නම් මං
හද නැත්නම් තරු යන එක
මම එන්නේ
හදත් අරන් තරුත් වැස්සක්
වස්ස ගෙන

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

ඒ පොඩි ලෝක සිතියම
මම මගේ හීන හොයන්නේ
පීරන් මන්දාකිණියම

හැම වෙලාවෙම වෙන්නෑ
ආස විදිහම
යකඩේ හැඩ කරන්නත්
ඕනෑ වෙනවා ගිනියම

අපි ලබාගත්තොත් මිසක්
දේවල් ඉබේ ලැබෙන්නෑ
ලේසි ක්‍රමෙන් ලැබෙන සතුට
හිතේ රැදෙන්නෑ

නෑ වේදිකාවට නැග්ග ගමන්
තිරේ ඇරෙන්නෑ
මගේ හීනේ ඇත්තක් වෙනකන්ම
මැරෙන්නෑ

සුබපතනවා වගේ මට
හමා එන සුළග
මල් වැසි මුමුණ
ජයග්‍රහනේ පුවතක්
හීන හොයන නැවට
උත්සාහය රුවලක්
හෙල රැප් පොතට
තවත් නමක් සුවහස්

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply