in Smokio, Suwahas

හීනය Heenaya by Suwahas ft. Smokio [2021]

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

හීන කියන දේවල්
ඇත්ත වෙන්නත් ඕනෙ
මගේ හීනේ වෙනස්
අමුතුයි දකින්නත් ඕනේ
මගේ කරගන්නයි
ඕනේ මුළු ලෝකෙම

ඔව් හීන ඇත්ත වෙන්නෙ නෑ තමයි
හැමෝගෙම
ඒත් කවුරුත් නැතත් විශ්වාසයි මට
මාව
වැපුරූ තරමටයි ලැබෙන්නේ
පලදාව

එක දේයි ඉල්ලුවේ බලන්
අහස දිහාම
නැති නොවී තියෙන්නයි
අම්මගේ මූනේ හිනාව

වාසනාව නෙවෙයි
හැකියාවයි අංක එක
ඒ ලැබුන ආශිර්වාදේ
ඉන්න මම හංග ගෙන

පිලිගන්නම් මං
හද නැත්නම් තරු යන එක
මම එන්නේ
හදත් අරන් තරුත් වැස්සක්
වස්ස ගෙන

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

ඒ පොඩි ලෝක සිතියම
මම මගේ හීන හොයන්නේ
පීරන් මන්දාකිණියම

හැම වෙලාවෙම වෙන්නෑ
ආස විදිහම
යකඩේ හැඩ කරන්නත්
ඕනෑ වෙනවා ගිනියම

අපි ලබාගත්තොත් මිසක්
දේවල් ඉබේ ලැබෙන්නෑ
ලේසි ක්‍රමෙන් ලැබෙන සතුට
හිතේ රැදෙන්නෑ

නෑ වේදිකාවට නැග්ග ගමන්
තිරේ ඇරෙන්නෑ
මගේ හීනේ ඇත්තක් වෙනකන්ම
මැරෙන්නෑ

සුබපතනවා වගේ මට
හමා එන සුළග
මල් වැසි මුමුණ
ජයග්‍රහනේ පුවතක්
හීන හොයන නැවට
උත්සාහය රුවලක්
හෙල රැප් පොතට
තවත් නමක් සුවහස්

යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්
යන් යන් යන් හීනෙට ඇවිදන් යන්
මන්දාකිනියම පීරන්

banner

Leave a Reply