ෆීනික්ස් | Phoenix by RUDEBOYRAY ft. DKM [2021]

Sinhala song lyrics with music notes illustration

අරගෙන මම පෑනක්
ගොනුකරගෙන තව සිතිවිලි රෑනක් ආහ් !
හද ගැහෙන වතාවක් සිහිකරන්
ලියනවා කවදාවත් නොලියූ කතාවක්…

තඹයක් අහල නොතිබුණත් මුළු ගේම
ඒත් පුතා⁣ ගෙ හොඳටනෙ හැම දේම
පොල් අතු ගෙදර රෑ වෙද්දි බඩ ගිනියම්
ඈ මහනවා හොයන් ගින්දර ට පිළියම්…

ලිව්වා මම ශිෂ්‍යත්වෙ, අම්මේ! මම පාස්
තිබ්බෙ නැති වුණත් සල්ලි දාන්න මාව class
කුඩුකරන් කඩයිම් ලකුණු – මග සළකුණු
ඉස්කෝලෙක ලොකු – ඇගෙ හීන වල හිනැහුනු…

ලැබුණෙ නෑ සතුට කොච්චරක් පින්කළත්
ආස ම දේවල් අඳුරේ වැළලුවා ඉස්සරත්
පාට පාට හීන හිඟ තිබ්බා හිත්වලත්
කලාතුරකිනුයි සැමරුවෙ ලස්සන ට නත්තලත්…

තනිවුණා මැද පන්තියෙ ළමයි
උඹලා ට අවුල් ඇති මගේ සිතුවිලි යි – නම යි
ඔව්! යාළුවෙ උඹලා දන්නෙ නෑ තමයි
මට තිබ්බ ප්‍රශ්ණ දන්නෙ මගේ හිත යි – මම යි…

Head phone දාන් උපරිම වැඩිකරන් හඬ
හිරවෙලා ඉද්දි සිංදුවක් අස්සේ
සිංදුවටත් උඩින් ඇහෙනවා මට මගේ
අම්මා යි – තාත්තා යි රංඬුවෙන සද්දේ…

මාත් ඇඬුවා හිතින් ඇති තරම්
මගේ හීන වෙනස් හින්දා – මම ආස කරපු දේවල්
මා වටා පිරිස කිණිස්සක් හැදුවා පිණිස මා
උන්ගෙ වදන් වලින් පිළිස්සුම් ලබා සිහිසුන් වෙනකන්…

කඳුළු එනකන් – අඳුරු වෙනකන්
තද කරන් කණ් – තනිවුණා මං
ලිව්වා වචන- නිසඳැස් මං පොත්වල
ඇවිද්දා හැතැප්ම ගණන් දුර ෆැන්ටසිවල…

දවස ගාණෙ ම හිතුණෙ මට නම් බෑ මයි
ගැලවීම දුන්නේ මට සංගීතෙයි – පෑනයි
Relate වුණ තරම වචන රැපකින් ඇහුණ මට
යාළුවේ උඹලා ට තේරුණේ ම නෑ මයි…

සිතුම් පැතුම් අළු වුණා ගානෙ දවසක්
ඒ අළු පාවෙලා අ.හ.සෙ මැවුණා තරු දහසක්
වැටිලා ඒ තරු පොළව ට ඇඳුනා පලසක්
එළිය වුණා තරු මැදින් ඇවිදිද්දි මනසත්…..

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……

ලිව්වෙ නෑ මම punchlines, මම ලියන්නේ හැඟීම්
ආත්මෙ ඇතු⁣ළෙන් එන විලාප මැදින්
මගෙ වදන් වැදුනේ ඔළුව ට ද? පපුව ට ද?
මං දන්නෑ මේ සිංදුව ලිව්වෙ මං උඹලා ට ද! මට ද!…

නින්ද යන්නේ නැද්ද උඹටත් මට වගේ
හීනවල ට බය ද රෑට ඇස් වහන්න
ඒත් පැදපන් ජීවිතේ උඹත්
පාරුව පෙරළුනොත් මාළුවන්ගෙන් අහන්න…

කොමාවක් දාපන් “තිත්” වලට
පගාවක් දීපන් හීන මානෙ තියෙන හිත්වල ට
දුක පොඟවපන් පින්සලක, තුඩක
ඇඳපන් පීඩනය සිත්තමක…

දෙන්න කලින් අත බ්ලේඩ් තලය ට හඬා
ප්‍රශ්ණෙක ට උත්තර තියෙනවා එකකට වඩා
යන්න කලින් පීලි දෙක මැදට හිතට ගනින්
උඹ දිළිසෙනවා උඹ හිතනවා ට වඩා…

තරු පුංචි නෑ ඒ අපි ට පේන හැටි
අපි පුංචි නෑ ඒ ලෝකෙ ට පේන හැටි
උඹේ මොළේ ට බැරි නෑ ඒ හිතට දැනෙන හැටි
උඹ ට බැරි නෑ ඒ උඹ ට හිතෙන හැටි…

හීන දැක්කෙ නැත්තම් මං අද කොහෙද?
මේ “අදිකාරම් සිතිවිලි” එළිය ට එයි ද?
තිබ්බෙ නැත්තම් පළවෙනි අඩිය මං
පෑනක් අත ට ගත්තේ නැත්තම් මොනවා වෙයි ද?…

බැරිම වුණොත් පනිනවා මම එළිසමත් වැටත්
මට වැඩක් නෑ මගේ වචන rhyme වුණත් නැතත්
හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත්
Depression මට මාර ම creative තැනක්…

මොළ කන්නේ මම උඹේ රැපකින් ඩෝ!
මේක “Jonestown”, මම Jim Jones
පැන්සලක් නම් ජීවිතේ මගේ වදන් කවකට්ට බං
කණ හරහා මොළය ට බෙහෙත් දෙන Doctor මං…

දෛවය ට තරු ඉල්ලන්න එපා හඳහනෙන්
⁣හොයපන් ජීවිතේ ආගමෙන් නෙවෙයි දර්ශනෙන්
හුස්මක් හොයන උන්ට නියතක පරතරෙන්
මේ රැප ලිව්වෙ පෑනෙන් නෙවෙයි හදවතෙන්…

රැප් නෙවෙයි මේවා Modern day thesis
Rocket Science නෙවෙයි මේ ජීවිතේ basics
ගින්නෙන් නම් නැහෙන්නෙ ගින්නෙන් ම හැදියන්
ඉන්නවා උඹේ ඇතුලෙත් කුරුල්ලෙක් “PHOENIX”….

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……

මේ මාවතේ…
ගිණි කතරින් පාරේ – අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා….
කඳු – හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ – පාවී යාවී ආයේ
මේ ජීවිතේ……

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply