2000’s Sinhala Mashup Cover by Infinity [2021]

Sinhala song lyrics with music notes illustration

නුඹ නිසාවෙන්
ඉබේ පිරුණු ආලයෙන්
බැදුනේ

සීත මාරුතේ..
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ…
ඈත මීදුමේ.. .
දිදුලන පුන් සඳක් වගේ..
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ…

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා..
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා..
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා..
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා..
ජීවිතයේ.. සතුටයි..මා.. දුටුවේ…
සාගරයේ… ගැඹුරයි… මේ හැඟුමේ….

යායට පායනා පෝදා සඳ,
තෙත බේරෙනා පිණි දෝරෙක,
හිත පාරනා මේ මා දුක,
සැපසේ වින්දා,
හෙට රෑ වෙලා එලිවෙන සඳ,
හිත හාරනා මහ පාළුව,
නුඹ ගන්නවානම් ආපිට,
යනවා, කැන්දා,
වෑහෙන්නම් මා, ඉඳහිට ඒ සඳේ ඇඳිලා,
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ…
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න…
රැකගන්න…
මට ඉන්න නිල් නයනියේ…

කිසිදා අදුරේ
හඩවන්නේ නෑ…
හඩවන්නේ නෑ…
හැඩුවත් සොදුරේ
රිද වන්නේ නෑ…
රිද වන්නේ නෑ…
දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැල්
ආදරේ අභිමන්…
සිහිනේ සැතපී.. අපි ඉන්නේ නෑ..
පවනේ සැගවී.. අපි යන්නේ නෑ..
මෙලොවේ කිසිදා.. වෙන් වෙන්නේ නෑ
ප්‍රේමයේ අරුමේ..
ඒ ඔබේ මහිමේ…

හිනැහෙන්නෙ මං
මේ විල් තීරයේ
පියමැන්නේ…
ඔබ එක්ක.. මං
මෙ ගංගාවේ පැන යන්නේ
ඔබ හින්දා.. මං
මේ සංසාරෙ සැනසෙන්නෙ
අතගන්න…
රැකගන්න…
මට ඉන්න නිල් නයනියේ…

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply