පාට පාට ලොකයක් | Paata Paata Lokayak by Infinity [2025]

Sinhala song lyrics with music notes illustration

පිරුනු කලේ දිය නොසැලේ

සැලෙන දියේ අපි ඔරු පැද්දේ

පැදපු ඒ රන් ඔන්චිල්ලාවේ

ඔන්චිලි චිලි චිලි චිල්ලමලේ

මල් පැණි බී අපි හද දුටුවේ

කල දුටු කල වල ඉහ ගත්තේ

ඉහ මුදුනේ මල් කැන් පිපුනේ

කැන්ඩි ගියේ අපි වන්ඩි දොරේ

පාට පාට ලොකයක්

අපි ගෙනාව ආදරේ ගොඩක්

පේන මානෙ නෑනේ දුකක්

මේක පුදුම දිව්‍යලොකයක් 

සයිකලේ පැදගෙන මහපාරේ

වැලිකැට හන්දියේ කඩ ගානේ

පැණි මස්කට් දෙනවද මාමේ

පාවෙන පීරිසි මම ගානේ

පාට පාට ලොකයක්…

කැරකෙනවානේ බයිසිකලේ රෝදේ

උඩ යන්න උඹට ලයිසන් ඕනේ

ගමේ හන්දි ගානේ යුක්තිය රෝමින්

හදේ වංගු ගානේ හාවො නටන ජෝගී

තැන තැන හිටගෙන රවුමට ටැක්සි

යන තැන හොයනවා ඉදගෙන බැක්සීට්

පැන පැන හොයනවා ඉදහිට එක්සිට්

අපි එහෙම නෑ ඔය කියන තරම් ටොක්සික්

රුසියාවට වඩා ලොකුයි නේ ආසියාව නෑ නෙහ්?

කාසි නෑ මට මේක වාසි හැමදාම

ඊසි නෑ පුරවලා රස රස කෑම

ලේසිනෑ හරවලා පදින්න

පාට පාට ලොකයක්… ///

written by  Ameesha Dassanayake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply